බලන්න - බලන්න ඔවුන්ගේ වෙබ් අඩවිය
http://www.worldvision.com.au/AboutUs/OurChristianIdentity.aspx?lpos=top_drop_1_OurChristianidentity
මුල්වරට මෙම සංවිධානය පිළිබඳව අප දැනුවත් කල අප පාසලේ සිටි ගුරුතුමෙකු සිහිපත් වේ.මට මතක ඇති ලෙස මෙහි ක්‍රියාකාරිත්වය මුලින්ම ඇසීමට ලැබුනේ එතුමාගෙනි.ඔහු රංගන ශිල්පියෙකුද වේ.එතුමා සිත් වේදනාවෙන් කරන ලද එම හෙළිදරව්ව මීට වසර බොහෝ කාලයකට පෙර කරන ලද එකකි.
වර්ල්ඩ් විෂන් සංවිධානය 1977න් පසු පවතී සියලුම රජයවල් සමග උරෙනුර ගැටී තම අභිමතාර්ථය ඉටු කොට ගැනීමට සමත්ව ඇත.ශ්‍රීලනිප,එජාප යන ප්‍රධාන පක්ෂ දෙක මෙහි බලපෑමට නතුවී ඇති අතර සංවර්ධනයේ මුවාවෙන් ව්‍යාපෘති කිරීමට ඉදිරිපත් වී සිය ආගමික අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට මෙම කූට සංවිධානය සමත්ය.කුඩා රාජ්‍ය නිලධාරියාගේ සිට ඉහලම තැන දක්වා බලය පතුරන බව පෙනේ.
වර්ල්ඩ් විෂන් ආගමික උගුලේ ඉතාම ආසන්න උදාහරණයක් ලෙස පසුගිය දිනකදී වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය වයඹ පළාතේ සංවර්ධනය හා අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් 186,021,250.00 (දහ අට කෝටි හැට ලක්ෂ විසි එක් දහස් දෙසිය පනහක) ක පමණ මුදලක් 2014 වර්ෂය වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඔවුන් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග පැවැත්වූ සාකච්චාව දැක්විය හැකිය.එබැවින් වයඹ පළාත රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්රිස්තියානිකරණය කරනු දැකිය හැකිවේ.
මෙහිදී කිවයුතු දෙයක් නම් මෙම සංවිධානය රටේ බෞද්ධයන් ක්‍රිස්තියානි කල්ලිකරණය කිරීමේ ඉදිරියෙන්ම සිටින සංවිධානයක් බවයි.මෙය බොහෝ දෙනා දන්නවා ඇත.නැත්නම් දැනගෙන නොදැන සේ සිටිනවා විය යුතුය.මේ වනවිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් පිළිකාවක් සේ උඩු දුවන මෙම පිල්ලිය දැවැන්ත අනාගත ආගමික ගැටුමකට මුලපුරන බව කිව යුතුය. මෙහි ක්රිස්තියානිකරණය සිදු කරන ක්‍රියාකාරිත්වය ගැන සවිස්තරාත්මකව සඳහන් වන්නේ 2009 බෞද්ධයන් අන්‍යාගම්කරණයට ලක් කිරීම වාර්තා කිරීමට සකස් කල කොමිසන් සභා වාර්තාවෙනි.මෙය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අමතා ලබා ගත හැකිය. මෙහි සභාපතිත්වය දරන ලද්දේ හිටපු මහාධිකරන විනිසුරු සරත් ගුණතිලක මහතා විසිනි.එහි එතුමා ඇතුළුව පුද්ගලයන් 12 දෙනකුගෙන් සැදුම්ලත් කමිටුවකි.එහි එක් ද්‍රවිඩ බෞද්ධ සමාජ සේවකයෙකුද ඇතුලත්ය.වර්ල්ඩ් විෂන් සන්විධායේ ක්‍රියාකාරිත්වය කෙබඳු දැයි ලුහුඩින් ගෙනහැර දක්වමි.
2009 කොමිසන් සභා වාර්තාව ඇසුරින් උපුටා ගත සාක්ෂි කිහිපයක් අංක සමග
- 582. වර්ල්ඩ් විෂන් සංවිධානය 1950දී ඇමරිකාවේ bob pierce නැමැත්තා පිහිටවූ සංවිධානයකි.ඔහු නිතර ප්‍රකාශ කල කරුණක් නම් " දෙවියන් වහන්සේගේ හද පැරණ දෙයින් මගේ හදත් පෑරෙවා " යන්නයි.වර්ල්ඩ් විෂන් නිර්මාතෘවරයාගේ මෙම ආගමික ප්‍රතිපත්තිය එහි සියලු කටයුතු තුල දැකිය හැක.1987 ජුනි 30 දක්වා වර්ල්ඩ් විෂන් ආයතනයේ සභාපතිවරයාව සිටි ted engstrom තම මුලික ප්‍රතිපත්තිය මෙසේ විස්තර කළේය.
" ක්‍රියාත්මක කිරීමට බාරගනු ලබන සියලුම ව්‍යාපෘති සටහන් තුල ආගම් ප්‍රචාරය ඉතා වැදගත් සාධකයක් ලෙස ඇතුලත් වී ඇත්දැයි අපි සහතික කරගන්නෙමු.පුද්ගලයන් සන්තර්පණය කිරීමෙන් පසු ඔවුන් විනාශ වී යාමට ඉඩදී අපට බලා සිටිය නොහැක."
වත්මන් ප්‍රධාන විධායක නිලධාරි tim costello
- 583.වර්ල්ඩ් විෂන් සංවිධානයේ කළමනාකරුවෙකු හා ශ්‍රී ලංකා ඉවන්ජලිකල් සංවිධානයේ ( evangalical alliance of sri lanka ) අධ්‍යක්ෂකවරයෙකු වූ noel bermann නැමැත්තා විසින් 1988 වර්ෂයේ සම්පාදිත අබ බීජ ( mustard seed project ) නම් වැඩසටහනක් රාජා වනසුන්දර කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් හෙළි කළේය .මෙහි පරමාර්ථය ජේසු සමිඳුන් වඳින පුදන එතුමාට කීකරු වූ අදහන්නන් සමුහයක් ඇති කිරීමයි.මෙය ශ්‍රී ලංකාවේ බෞද්ධ ගම්වල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ලදී.
2004 වසරේ කැබිතිගොල්ලෑවේ පෙරපාසලක් සම්බන්දයෙන් රාජ්‍ය නිලධාරින් ක්‍රියා කල අයුරු.
- 933.පරිවාස නිලධාරින් විසින්,බෞද්ධ පරිසරයක බෞද්ධ දෙමව්පියන්ගේ අවශ්‍යතාවයට අනුව පවත්වාගෙන ගිය මෙම පෙරපාසලට අවහිර කරමින් වර්ල්ඩ් විෂන් ආයතනයට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර්ජාතික සම්මුතියේ 18 වන වගන්තියේ 4වන උප වගන්තියට පටහැනිවය. (18.4) " සිය අවබෝදයට අනුකුලව සිය දරුවන්ගේ ආගමික හා සදාචාරත්මක අධායාපනය ගැන බලා ගැනීමට දෙමව්පියන්ට තිබෙන නිදහසට ගරු කිරීමට මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති." වර්ල්ඩ් විෂන් ආයතනය මගින් පවත්වාගෙන යන පෙරපාසල් වල දරුවන්ට ලබා දෙන තෑගී -බෝග හා උපකරණ ලබා දුන්නේ දෙවියන් වහන්සේ යයි " මෙම හයහතර නොදත් දරුවන් ලවා කියවීම ඉතාමත් අසම්මත ක්‍රියාවකි.එමෙන්ම වර්ල්ඩ් විෂන් සංවිධානය කරන ලද උපකාර වලට ප්‍රතිඋපකාර වශයෙන් අපේ ආගම ( ක්‍රිස්තියානි ආගම ) පිළිගන්නා ලෙස එම නිලධාරින් ඉල්ලා සිටි අවස්ථා ගැන සාක්ෂි ඉදිරිපත් විය.
- 957.world vision ,ccf වැනි රාජ්‍ය නොවන ආයතන බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට යොමු කිරීමේ කාර්යය තදින්ම කරගෙන යන ප්‍රදේශ වල රාජ්‍ය නිලධාරින් මෙම ආයතන වල ක්‍රියාකාරකම් වලට දන හෝ නොදැන අනුබල දෙන බවට සාක්ෂි ඇත.මේ සම්බන්ධයෙන් එක් ස්වාමින්වහන්සේ නමක් කියා සිටියේ " වර්ල්ඩ් විෂන් කියන ආයතනය මහා පරිමාණයෙන් බැජ් එක ගහගෙන ඇවිල්ලා වාහනයෙන් බැස්සාම උප දිසාපති නැගිටිනවා. " කියමිනි.
- 1025.world vision ,ccf වැනි සංවිධාන ශ්‍රී ලංකාව ක්‍රිස්තියානිකරණයේ පෙරගමන්කරුවන් වශයෙන් කටයුතු කෙරේ.මෙම සංවිධාන පෙරපාසල් පවත්වාගෙන යාම ආධාර,උපකාර,අනුග්‍රහ දක්වන අතර විහාරස්ඨාන වල පවත්වාගෙන යන පෙරපාසල් ඉන් ඉවත්කරවාගනීම මෙන්ම බෞද්ධ ආගමික වතාවත් නොපැවැත්වීම,ආධාර දීමේ පුරවා කොන්දේසිය කර ඇත.මෙම පෙරපාසල් මගින්ද දරුවන් බෞද්ධ හුරුවෙන් ඈත් කරන අතර ක්‍රිස්තියානි ආගමික ලාංචන පැළඳවීම ,සර්වබලධාරී දෙවියන් පිලිබඳ විශ්වාසය ළමා මනසට ඇතුලත් කිරීම වැනි උපක්‍රම යොදා ගනී.බුදුරුව අනුව සාදන ලද බිස්කට් බෙදා දී ඒවා කෑමට සලස්වා දරුවන් තුල ඇති බුද්ධ භක්තිය හීන කරවීම ඔවුන්ගේ අභිලාෂයයි.
ඉහතින් දැක්වුයේ එම වාර්තාවේ ඇති සාක්ෂි හා නිගමන නිර්දේශ අතුරින් අංශු මාත්‍රයක් පමණි.එජාප,ශ්‍රීලනිප යන පක්ෂ දෙකම මෙම විනාශයට වග කිව යුතුය.එබැවින් පක්ෂ කන්නාඩි වලින් නොදකින්න මෙම සංවිධානය හා තවත් නොකී සංවිධාන,කල්ලි ,එහි ක්‍රියාකාරිත්වය ගැන සොයා බැලීම බෞද්ධයන්ගේ යුතුකමක් වන අතර සංවර්ධනය මුවාවෙන් බෞද්ධයන්ගේ ආගමික නිදහස අහිමි කරන අසම්මත සංවිධාන ගැන දැනුවත් විය යුතුය.




No comments:
Post a Comment