Pages

10 Nov 2012

හලාවත සහ ඩේවිඩ් ගයාන් ඉන්දික





මෙම ලිපිය ලිවීමට අදහස් කලේ යලි නැගී එන සිංහල බෞද්ධ පිබිදීම ඔප්නංවන තරුණ පුර විද්‍යා ගවේශකයෙකු කරන සේවය අගය කිරීමට හා තවත් එවැනිම ,දහසක් දුක් කම්කොටළු මැද සිංහල බොදු උරුමය සොයා යන එවන් නුතන විරුවන් හට උත්තේජනයක් ලබා දීමටයි.. ඔහු නමින් ඩේවිඩ් ගයාන් ඉන්දිකයි..මේ දස දහසක් තෙන්නකෝන් වීමලානන්ද මහතුන් උවමන කරන වෙලාවයි...සහතික උගත් කම ගෙන කබල් ගෑම පමණක් නම් වැඩක් නැත...සොයාග...
ැනීම් කර බොදු උරුමයට සැසඳිය යුතුමයි.මන්ද එය එසේ විය යුත්තේ මෙම සිංහල පොළොවේ පඳුරකට ගැහුවත් මතුවන්නේ බොදු උරුමයන් බැවිනි . ලඟකදී බොදු උරුමයක් මත ඉදිකෙරුණු කුරුස පල්ලියක් ගැන ගවේෂණය කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහි බෞද්ධ නටඹුන් සොයාගන්න ලදී ..නමුත් දී ඇති තීන්දුව ඔබ දන්නවද ? එනම්" මෙය පුරාවිද්‍යාත්මක භූමියක් බවත් නමුත් මෙහි පල්ලිය ඉදිකිරීම සිදු කල යුතු බවත්ය." මෙවන් අමන නිලදාරීන් සිටින රටක් මේ ලොව කිසිම රටක නැත...මෙය මට පැවසු ගයාන් මහතාට තුති.

ඉතිහාසයෙනුත් "බෞද්ධ " ඉතිහාසය හදාරා නිර්භයව පොත් පත් පල කල පුද්ගලයන් මෑත කාලයේ විරල වන අතර එම නිසාම සෙස්සන් තම අභිමතයට ස්වකීය මතවාද ඉතිහාසයට පැටවූ බව ඔබ දන්නා බව සිතමි..මුස්ලිමුන් පවා අනවර් මනතුංග වන්නන් හට පඬුරු දී බොරු ඉතිහාස ලියනයුගය මෙය වේ. දෙමල රචකයන් වන ආනන්ද කුමාරස්වාමි,ලෝනා දේවරාජා හා පෙළක් උද්දච්ච ඉතිහාසඥයන් විසින් ලංකාවේ ඉතිහාසය තම ජාතියට ආගමට හා සුද්දන්ගේ අවශ්‍යතාවයට අනුව ලියන ලදී ..අප විසින් නව ගවේෂණ හා මද්යස්ත භාවයෙන් යුත් " සිංහල බෞද්ධ " උරුමයන් ගවේෂණය කර පොත පත ලිවීමට මැලිකමක් දැක්වීමයි...එනිසා අන්‍යන් එයින් ප්‍රයෝජන ගන්නා ලදී.නමුත් තෙන්නකෝන් විමලානන්ද මහතා වැනි විරුවන්( පොතේ උගතුන් පමණක් නොවූ ) සිටිය බවද මතක් කල යුතුය.



ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා සිය වසර 10ක නොපසුබස්න වීර්යයෙන් බැඳී ගවේෂණ මගින් බොදු උරුමය සොයා මානව ඔප්පු කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත...හලාවත හා මුහුදු තීරයේ පවතී බෝධු පසුබිම ඒ මහතා අද්‍යයනයට ලක් කොට ඇත. එය නමින් " හලාවත බොදු උරුමය " නම් වේ.


********දිවයින පුවත්පත ඔහුගේ කෘතිය මෙසේ විස්තර කරයි .. " හලාවත බෞද්ධ ඉතිහාසය ගැන ලියවුනු එකම ග්‍රන්ථය මෙය වේ..ප්‍රාග් අයිතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා වසර 2500කට අදික හලාවත නගරයේ මෙන්ම ප්‍රදේශයේ ඉතිහාසය මෙයට අන්තර්ගතය.පුත්තලම දිස්ත්‍රික්කයේ අයිතිහාසික ස්ථාන, පුරාවිද්‍යා දත්ත ,හලාවත ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන ,පැරණි සහ නව ජනගහන වාර්තා ,පැරණි දින සටහන් ඇතුලත් ග්‍රන්ථයකි . හලාවත නගරයේ බෞද්ධ ඉතිහාසය මෙන්ම අනෙකුත් ඉතිහාස කරුණු විශාල සන්ක්යාවක් අඩංගු එකම කෘතිය මෙය වේ. " උපුටා ගැනීම අවසානයි .*********

ම විසින් මෙකරනුයේ ඔහුගේ පොත ගැන හරි වැරදි බල විවේචනයක් කිරීම නොව ඊට ප්‍රචාරයක් ලබා දීම පමණි.ඒ මගේම බලවත් කැමැත්තෙනි .දහසක් දුක් කම් කොටලු මැද මෙම මහගු ග්‍රන්ථය ලියු ගයාන් ඉන්දික මහතා හට අපගේ ප්‍රණාමය හිම්විය යුතු අතර එම ග්‍රන්ථය ගැන කියව විවේචනද ඉදිරිපත් කර ඒ මහතා දිරි ගැන්විය යුතුය.මන්ද එවිට අප නැවත පන දෙනු ලබන්නේ ගයන් ඉන්දික මහතාගේ ග්‍රන්ථයට පමණක් නොව ලංකාවේ බෞද්ධ උරුමය සොයා යාමට හැකි තව තවත් අය සඳහා ඉඟියක් ද ලබාදීමය. මන්ද යත් එම ග්‍රන්ථ අනාගතයේ ඉතිහාසය හදාරන්නන් හා සෙසු අයවලුන් හට අතිශය තීරණාත්මක වීමය ඇතැම් ආගමිකයන් නැති ඉතිහාස මව පල්ලි මෙන්ම පොත් පත්ද හතු පිපෙන්නාක් මෙන් ලියන්නේ තම ආගමෙන් ලැබෙන මුදල් බලය හා ප්‍රචාරක බලයද උපරිම ලෙස යොදාගනිමිනි .එවැන්නන්ට ඩේවිඩ්ගේ කෘතිය කනේ පහරක් වනු ඇත.. නමුත් අවාසනාවට කරුණ වන්නේ ගයාන් වන නිර්භය ගවේෂකයන් හට ඔහුගේ කෘතියට පෙරවදනක් ලිවීමට පවා ඇතැම් වදගතුන් විසින් කර ඇරීමයි .අන්‍යාගමික තර්ජන ගර්ජනද කතෝලික මුලස්ථානයක් ඉදිරියේ සිටින ඔහුට ...නැතුවා නොවේ . එමෙන්ම ඔහුට මෙම සත්කාර්යය තනිවම සාර්ථක කරගැනීමට සිදුවිය .මෙම තත්වය ඉතා දුක්බර මෙන්ම අපේ බෞද්ධ උරුමය සොයා යන්නවුන් හැල්ලුවට ලක් කිරීමක් යනුවෙන් සිතේ..අප එසේ වන්නේ මන්ද ?



අවසන් වශයෙන් කිව හැක්කේ අප විසින් මෙම බෞද්ධ ගවේශකයා දිරිමත් කල යුතු බවයි .ඔහුගේ කෘතිය කියවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙමි.ඔබද ඔහුගේ කෘතිය කියවා ඉන් පන්නරය ගෙන යලි පිබිදෙමින් පවතින බෞද්ධ බලවේගය වෙනුවෙන් නව " බෞද්ධ සාහිත්යයක් " ගොඩනැගීමටද අදිටන් කරගනු මැන යයි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි හැකිතාක්  දැනුවත් කිරීම අපට ඩේවිඩ් ගයන් ඉන්දික තරුණ ගවේශකයා වෙනුවෙන් කල හැකි උපහාරයකි .බුදු සරණයි

               

No comments:

Post a Comment