Pages

5 Apr 2014

world vision බෞද්ධයන් ආක්‍රමණය කල වගයි

world vision යනු අද වන විට ලංකාවේ බොහෝ සංවර්ධන කටයුතු වලට ඇත පොවන බලවත් රාජ්‍ය නොවන සංවිධානයකි.කොටින්ම කිවහොත් ඍජුවම සිය  ක්‍රිස්තියානි කම හෙළි නොකරන ක්‍රිස්තියානි රාජ්‍ය නොවන  සංවිධානයකි.ඔවුන්ට අනුව ඔවුන් මෙම සියලු ආධාර කරන්නේ සත් භාවයෙනි.කිසිදු යටි අරමුණක් නොමැතිවය. දිනපතා පුවත්පත් වල ඔවුන්ගේ ගුණ ගයන  ලිපි පිටු බොහෝ  සොයා ගත හැකිය.නමුත් ඔවුන්ගේ web අඩවියේ සඳහන් වන්නේ ඔවුන් ක්‍රිස්තියානි සම්භවයක් සහිත සංවිධානයක් බවයි.

බලන්න  - බලන්න ඔවුන්ගේ වෙබ් අඩවිය
http://www.worldvision.com.au/AboutUs/OurChristianIdentity.aspx?lpos=top_drop_1_OurChristianidentity


මුල්වරට මෙම සංවිධානය පිළිබඳව අප දැනුවත් කල අප පාසලේ සිටි ගුරුතුමෙකු සිහිපත් වේ.මට මතක ඇති ලෙස මෙහි ක්‍රියාකාරිත්වය මුලින්ම ඇසීමට ලැබුනේ එතුමාගෙනි.ඔහු රංගන ශිල්පියෙකුද වේ.එතුමා සිත් වේදනාවෙන් කරන ලද එම හෙළිදරව්ව මීට වසර බොහෝ කාලයකට පෙර කරන ලද එකකි.


වර්ල්ඩ් විෂන් සංවිධානය 1977න් පසු පවතී සියලුම රජයවල් සමග උරෙනුර ගැටී තම අභිමතාර්ථය ඉටු කොට ගැනීමට සමත්ව ඇත.ශ්‍රීලනිප,එජාප යන ප්‍රධාන පක්ෂ දෙක මෙහි බලපෑමට නතුවී ඇති අතර  සංවර්ධනයේ මුවාවෙන් ව්‍යාපෘති කිරීමට ඉදිරිපත් වී සිය ආගමික අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට මෙම කූට සංවිධානය සමත්ය.කුඩා රාජ්‍ය නිලධාරියාගේ සිට ඉහලම තැන දක්වා බලය පතුරන බව පෙනේ.


වර්ල්ඩ් විෂන් ආගමික උගුලේ ඉතාම ආසන්න උදාහරණයක් ලෙස පසුගිය දිනකදී වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය  වයඹ පළාතේ සංවර්ධනය හා අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් 186,021,250.00 (දහ අට කෝටි හැට ලක්ෂ විසි එක් දහස් දෙසිය පනහක) ක පමණ මුදලක් 2014 වර්ෂය වෙනුවෙන් ලබාදීමට සැලසුම් කර ඔවුන් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමග පැවැත්වූ සාකච්චාව දැක්විය හැකිය.එබැවින් වයඹ පළාත රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රිස්තියානිකරණය කරනු දැකිය හැකිවේ.




http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/news/2011-09-14-04-28-01/17881-45545656455http://sinhala.news.lk.php53-16.dfw1-2.websitetestlink.com/news/2011-09-14-04-28-01/17881-45545656455බලන්න වයඹ පළාත ක්‍රිස්තියානිකරණය වන හැටි


  මෙහිදී කිවයුතු දෙයක් නම් මෙම සංවිධානය රටේ බෞද්ධයන් ක්‍රිස්තියානි කල්ලිකරණය කිරීමේ ඉදිරියෙන්ම සිටින සංවිධානයක් බවයි.මෙය බොහෝ දෙනා දන්නවා ඇත.නැත්නම්  දැනගෙන නොදැන  සේ සිටිනවා  විය යුතුය.මේ වනවිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් පිළිකාවක් සේ උඩු දුවන මෙම පිල්ලිය දැවැන්ත අනාගත ආගමික ගැටුමකට මුලපුරන බව කිව යුතුය. මෙහි ක්‍රිස්තියානිකරණය සිදු  කරන  ක්‍රියාකාරිත්වය ගැන සවිස්තරාත්මකව සඳහන් වන්නේ 2009 බෞද්ධයන් අන්‍යාගම්කරණයට ලක් කිරීම වාර්තා කිරීමට සකස් කල කොමිසන් සභා වාර්තාවෙනි.මෙය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අමතා ලබා ගත හැකිය. මෙහි සභාපතිත්වය දරන ලද්දේ හිටපු මහාධිකරන විනිසුරු සරත් ගුණතිලක මහතා විසිනි.එහි එතුමා ඇතුළුව පුද්ගලයන් 12 දෙනකුගෙන් සැදුම්ලත් කමිටුවකි.එහි එක් ද්‍රවිඩ බෞද්ධ සමාජ සේවකයෙකුද ඇතුලත්ය.වර්ල්ඩ් විෂන් සන්විධායේ ක්‍රියාකාරිත්වය කෙබඳු දැයි ලුහුඩින්  ගෙනහැර දක්වමි.


2009 කොමිසන් සභා වාර්තාව ඇසුරින් උපුටා ගත සාක්ෂි කිහිපයක් අංක සමග


  • 582. වර්ල්ඩ් විෂන් සංවිධානය 1950දී ඇමරිකාවේ bob pierce  නැමැත්තා පිහිටවූ සංවිධානයකි.ඔහු නිතර ප්‍රකාශ කල කරුණක් නම් " දෙවියන් වහන්සේගේ හද පැරණ දෙයින් මගේ හදත්  පෑරෙවා " යන්නයි.වර්ල්ඩ් විෂන් නිර්මාතෘවරයාගේ මෙම ආගමික ප්‍රතිපත්තිය එහි සියලු කටයුතු තුල දැකිය හැක.1987 ජුනි 30 දක්වා වර්ල්ඩ් විෂන් ආයතනයේ සභාපතිවරයාව සිටි ted engstrom තම මුලික ප්‍රතිපත්තිය මෙසේ විස්තර කළේය.
                                                             bob pierce -world vision founder

" ක්‍රියාත්මක කිරීමට බාරගනු ලබන සියලුම ව්‍යාපෘති සටහන් තුල ආගම් ප්‍රචාරය ඉතා වැදගත් සාධකයක් ලෙස ඇතුලත් වී ඇත්දැයි අපි සහතික කරගන්නෙමු.පුද්ගලයන් සන්තර්පණය කිරීමෙන් පසු ඔවුන් විනාශ වී යාමට ඉඩදී අපට බලා සිටිය නොහැක."
ted engstrom       

                                                       වත්මන් ප්‍රධාන විධායක නිලධාරි tim costello
  • 583.වර්ල්ඩ් විෂන් සංවිධානයේ කළමනාකරුවෙකු හා ශ්‍රී ලංකා ඉවන්ජලිකල් සංවිධානයේ ( evangalical alliance of sri lanka ) අධ්‍යක්ෂකවරයෙකු වූ noel bermann නැමැත්තා විසින් 1988 වර්ෂයේ සම්පාදිත අබ බීජ ( mustard seed project ) නම් වැඩසටහනක් රාජා වනසුන්දර කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් හෙළි කළේය .මෙහි පරමාර්ථය ජේසු සමිඳුන් වඳින පුදන එතුමාට කීකරු වූ අදහන්නන් සමුහයක් ඇති කිරීමයි.මෙය ශ්‍රී ලංකාවේ බෞද්ධ ගම්වල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ලදී.


2004 වසරේ කැබිතිගොල්ලෑවේ පෙරපාසලක් සම්බන්දයෙන් රාජ්‍ය නිලධාරින්  ක්‍රියා කල අයුරු.


  • 933.පරිවාස නිලධාරින් විසින්,බෞද්ධ පරිසරයක බෞද්ධ දෙමව්පියන්ගේ අවශ්‍යතාවයට අනුව පවත්වාගෙන ගිය මෙම පෙරපාසලට අවහිර කරමින් වර්ල්ඩ් විෂන් ආයතනයට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර්ජාතික සම්මුතියේ 18 වන වගන්තියේ 4වන උප වගන්තියට පටහැනිවය. (18.4) " සිය අවබෝදයට අනුකුලව සිය දරුවන්ගේ ආගමික හා සදාචාරත්මක අධායාපනය ගැන බලා ගැනීමට දෙමව්පියන්ට  තිබෙන නිදහසට ගරු කිරීමට මෙම සම්මුතියේ රාජ්‍ය පාර්ශවකරුවෝ පොරොන්දු වෙති." වර්ල්ඩ් විෂන් ආයතනය මගින් පවත්වාගෙන යන පෙරපාසල් වල දරුවන්ට ලබා දෙන තෑගී -බෝග හා උපකරණ ලබා දුන්නේ දෙවියන් වහන්සේ යයි " මෙම හයහතර නොදත් දරුවන් ලවා කියවීම ඉතාමත් අසම්මත ක්‍රියාවකි.එමෙන්ම වර්ල්ඩ් විෂන් සංවිධානය කරන ලද උපකාර වලට ප්‍රතිඋපකාර වශයෙන් අපේ ආගම ( ක්‍රිස්තියානි ආගම ) පිළිගන්නා ලෙස එම නිලධාරින් ඉල්ලා සිටි අවස්ථා ගැන සාක්ෂි ඉදිරිපත් විය.



  •  957.world vision ,ccf වැනි රාජ්‍ය නොවන ආයතන බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට යොමු කිරීමේ කාර්යය තදින්ම කරගෙන යන ප්‍රදේශ වල රාජ්‍ය නිලධාරින් මෙම ආයතන වල ක්‍රියාකාරකම් වලට දන හෝ නොදැන අනුබල දෙන බවට සාක්ෂි ඇත.මේ සම්බන්ධයෙන් එක් ස්වාමින්වහන්සේ නමක් කියා සිටියේ  " වර්ල්ඩ් විෂන් කියන ආයතනය මහා පරිමාණයෙන් බැජ් එක ගහගෙන ඇවිල්ලා වාහනයෙන් බැස්සාම උප දිසාපති නැගිටිනවා. " කියමිනි.



  • 1025.world vision ,ccf වැනි සංවිධාන ශ්‍රී ලංකාව ක්රිස්තියානිකරණයේ පෙරගමන්කරුවන් වශයෙන් කටයුතු කෙරේ.මෙම සංවිධාන පෙරපාසල් පවත්වාගෙන යාම ආධාර,උපකාර,අනුග්‍රහ දක්වන අතර විහාරස්ඨාන වල පවත්වාගෙන යන පෙරපාසල් ඉන් ඉවත්කරවාගනීම මෙන්ම බෞද්ධ ආගමික වතාවත් නොපැවැත්වීම,ආධාර දීමේ පුරවා කොන්දේසිය කර ඇත.මෙම පෙරපාසල් මගින්ද දරුවන් බෞද්ධ හුරුවෙන් ඈත් කරන අතර ක්‍රිස්තියානි ආගමික ලාංචන පැළඳවීම ,සර්වබලධාරී දෙවියන් පිලිබඳ විශ්වාසය ළමා මනසට ඇතුලත් කිරීම වැනි උපක්‍රම යොදා ගනී.බුදුරුව අනුව සාදන ලද බිස්කට් බෙදා දී ඒවා කෑමට සලස්වා දරුවන් තුල ඇති බුද්ධ භක්තිය හීන කරවීම ඔවුන්ගේ අභිලාෂයයි.

       

ඉහතින් දැක්වුයේ එම වාර්තාවේ ඇති සාක්ෂි හා නිගමන නිර්දේශ අතුරින්  අංශු මාත්‍රයක් පමණි.එජාප,ශ්‍රීලනිප යන පක්ෂ දෙකම මෙම විනාශයට වග කිව යුතුය.එබැවින් පක්ෂ  කන්නාඩි වලින් නොදකින්න මෙම සංවිධානය හා තවත් නොකී සංවිධාන,කල්ලි ,එහි ක්‍රියාකාරිත්වය ගැන සොයා බැලීම බෞද්ධයන්ගේ යුතුකමක් වන අතර සංවර්ධනය මුවාවෙන් බෞද්ධයන්ගේ ආගමික නිදහස අහිමි කරන අසම්මත සංවිධාන ගැන දැනුවත් විය යුතුය.

18 Nov 2012

සිංහල භික්ෂුන් වහන්සේලා විසින් ක්‍රිස්තියානි මතවාද බුද්ධිමය වශයෙන් පරාජය කිරීම හෙවත් " පානදුරාවාදය " සමකාලීන වාර්තා තුලින්

        ශ්‍රී ලංකාවේ හික්ෂුන් වහන්සේ යනු බුදු දහම රැකගැනීමෙහිලා මෙන්ම සිංහල ජනවර්ගය හා ඔවුන් බැඳී බෞද්ධ සංස්කෘතිය හැඩගැස්වීමෙහිලා ප්‍රධානම සාධකය බව බොහෝ සාමාන්‍ය සිංහල ජනතාව මෙන්ම විදේශිකයන්ද පිළිගන්නා  සත්‍යයයකි . නමුත් සමහර කාණ්ඩ  වලට  හා නව සමාජ ශෝදකයන් විසින් උන්වහන්සේලා සිංහල ජනතාවගෙන් වෙන් කරවා හෑල්ලු කිරීමට මාන  බලන බව අද ප්‍රසිද්ද රහසකි...සිවුරු හොරු එක නිදසුනකි.සිංහල බෞද්ධ ජනයා අන්ත අසරණව සිටි කාලය එනම් ඉංග්‍රීසි පාලන කාලයේදී ක්‍රිස්තියානි ආගම රටේ ප්‍රදාන ආගම බවට පත්කර තිබිණි. එවන් කලෙක වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද  හිමිපාණන් ප්‍රමුඛ සිංහල භික්ෂුන් වහන්සේලා විසින් දියත් කරන ලද " නවජීවන ව්‍යාපාරය " එක්තරා දීප්තිමත් කලපරිච්චේදයක් විය. බෞද්ධයාට.  පානදුරය නම් මා  උපන් නගරයේ සිදුවූ පානදුරාවාදය සිංහල බෞද්ධයාට සිය කැඩුණු කොඳු නාරටිය කෙලින් කර ගැනීමට ඉවහල් වූ දිව්‍ය  ඖශධයක් වැනිය.  
                                                 පානදුරේ රන්කොත් විහාරය 
                                              සිංහල බෞද්ධයාට ඇති සුවිශේෂී වූ මෙම වාදයට ආසන්නතම හේතුව වුයේ  පානදුරේ මෙතෝදිස්ත පල්ලියේ දේවගැති තැන දාවිද් ද සිල්වා විසින් බුදු දහම හා එහි ඉගැන්වීම් විවේචනයට ලක් කරමින් කල දේශනයකි. මෙම කතාවට ප්‍රති පිළිතුරු වශයෙන් ඊට යාබද රන්කොත් විහාරයේ නායක ස්වාමින් වහන්සේ විසින් තවත් දේශනාවක් කර තිබේ...නැවතත් දාවිද්  ද සිල්වා විසින් අප ස්වාමින්වහන්සේගේ කතාවට ප්‍රති දේශනයක් කරන ලදී. රන්කොත් විහාර වාසි  ස්වාමින්වහන්සේගේ හා මිගෙට්ටුවත්තේ ගුනනද හිමිපාණන්ගේ හඳුනුම්කමක් තිබී ඇත.... එනිසා පානදුරා  වාදයට මෙයින් ඉඩ ප්‍රස්තා  සැලසුණු බව සඳහන්ය. මින්පසු ලේඛක වාර්තා ගෙනහැර දක්වමි.



මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් 


               උපුටා ගැනීම අංක 1
              1873 අගෝස්තු 26 දින ලක්රිවිකිරණ පුවත්පත ...
                                        


                                         " පහුවුණු අඟහරුවාදා පානදුරේදී බුද්ධාගම්කාරයන් සමග රෙපරමාදු කාරයන් අතරේ කෙරුණු ආගම්වාදය ඉතා අලංකාරව තිබුනේය .වාද කිරීමට පටන් ගැනීමට නියම කර තිබු වෙලාව උදේ අටටය .ඊට බොහෝ වෙලාසන සිටන් හැතැප්ම දහතුනේ කනුව ඉදිරිපිට තිබෙන පාර දිගේ දහස් ගණන් සෙනග විත් වාද භූමියට එක්රැස් වුයේය.පස්දුන්කෝරලේ ,රයිගම්කෝරලේ සහ හල්පිටකෝරලේ සෙනගද බුද්ධාගමේ අතිදක්ෂ වාදකරයෙක් කියන මිගෙට්ටුවත්තේ උන්නාන්සේ වෙනුවට තමන්ගේ ජීවිතය පවා දීමට කැමතිව පට සරොම් ඇඳගෙන කොළඹින් ගිය සිංහල ඉලන්දාරි ස්වල්පයක්ද සිටියේය. 

රෙපරමාදු පක්ෂයත් තරමක් බලවත්ව තිබුනේය.බප්ටිසිට් වැස්ලියන් ,මිශ්නොයරිස්  යනාදී සෑම සභා වලටම අයත් නොයෙක් පළාත්වල සිටින පාදිලිවරු සහ කතීසේරුවන් සඳුදා රැස්වන්නට පටන් ගත්තේය .මෙම තැනැත්තන් අතරෙන් පූර්වදිග භාෂා වලට සමර්තයෙක් තමන්ට තිබුණු වැඩ පළත්  අතහැර දමා මෙම වාදයට පන්ගුකරයෙකු වී රෙපරමාදු පක්ෂයේ කතාකාරයෙක් වන දාවිද් ද සිල්වා පාදිලි උන්නාන්සේට උදව් වෙනු පිණිස අනුරාධපුරයෙන් ඇවිත් සිටියේය .

මෙම වාදය පිණිස ආදී ස්වල්පයක් උසට ආසන දෙකක් ඇතිව අතු සේවිලි කරන ලද කදිම බංගලාවක් සාදා තිබුනේය .එයින් ආසනේක දාවිඩ් ද සිල්වා පාදිලි උන්නාන්සේ සහ නාමයෙන් ප්‍රසිද්දව සිටින මිගෙට්ටුවත්තේ ගුණානන්ද  උන්නාන්සේ සහ තවත් මහනුන් වහන්සේලා දෙසීයක්ද සිටියෝය.මෙම බංගලාව බොහෝ අලංකාර ලෙස සරසා  තිබුනේය.මේස පිට සුදු රෙදි දමා  උඩු වියන් බැඳ නීලවර්ණ සාටක වලින් සැරසිලි කර තිබුනේය.

බුද්දාගම් පක්ෂය සිටින කොට්ටාශය ඊටත්  වඩා අලංකාර පාටකට තිබුනේය.මේස වලට දමන ඩමස්කස් කියන රෙදි වර්ගය මේස වලට දමා ප්‍රන්සකාරයන්ගේ පාට තුනේ කොඩියේ අන්දම මහත් වී යන ප්‍රකාර උඩු වියනක්ද නොයෙක් පාට වලින් විසිතුරු කරන ලද මල්මාලවලින්ද ඒ ඇර උන්නාන්සේලාගේ පට සිවුරු වලින්ද අලංකාර කොට තිබුනේය."

උපුටා  ගැනීම අවසන් 


*මෙහි දාවිඩ් ද සිල්වා පාදිලි තැනට උදව් කිරීමට අනුරාධපුරයෙන් ඇවිත් ඇත්තේ  එච්.සී.පී. බෙල් බව වික්ටර් අයිවන්ගේ මතයයි.

                                                 පානදුර මෙතොදිස්ත පල්ලිය 

උපුටා ගැනීම අංක 02 
times of ceylon පුවත්පතේ කතෘ john capper  විසින් පානදුරාවාදය පිළිබඳව විමර්ශනාත්මකව  ලියන ලද වාර්තාවේ කොටසක් 

"ක්‍රිස්තියානි පුජකවරුන් කරුණු ඉදිරිපත් කල ආකාරය  ඉතාමත් දුර්වලය .ඔවුන් මහජනයාට තේරුම් ගැනීමට අපහසු පුහු තර්ක ඉදිරපත් කරමින් පාලි පාඨ උපුටා දක්වන විට ගුණානන්ද හිමියන් මහජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සරල සිංහලෙන් කතා කළේය.ගුණානන්ද හිමි ප්රෙතෙස්තන්තවාදයේ සියලු දුබල තැන අතුරින් අල්ලාගත්තේ මහජනයාගේ සමච්චලය අවුස්සන හා උපහාසාත්මක පිලිකුලෙන් යුතුව සිනහ පහල කරන තැන්  පමණය.තර්ක සාරාංශ  කරමින් කරන ලද කතාවේ අවසන් අවසන් කොටසට මහජනතාව අවදානයෙන් යුතුව සවන් දුන්නේය.කතාව අවසන් කිරීමෙන් විනාඩි ගණනකට පසුත් උන්න්නන්සේගේ කතාවේ ගැඹුරු ස්වරය ඔවුන්ගේ කන් තුල රැව්  දුන්නේය. විවාදය අවසානයේ රැස්ව සිටි දහස් ගණන් ජනයා  සාදුකාර දුන් බවද සන්සුන් වන ලෙසට ගුණානන්ද හිමියන් ආයාචනා කරන තෙක් කුල්මත් වී හඬ නගන බෞද්ධ ජනයා පාලනය කිරීමට දුෂ්කර විය."

              උපුටා ගැනීම අවසන් 



උපුටා ගැනීම අංක 03 

1865 පෙබරවරි 8 දින ඇතිවූ බද්දේගම වාදයේදී ක්‍රිස්තියානි පක්ෂයේ george parson දේවගැතිවරයා කර තිබෙන විස්තරයක උපුටා ගැනීමක්ද පල කිරීමට කැමැත්තෙමි

 දරුණු තරඟයක් සඳහා සුදානම් වන ලෙස අපේ ජනය මට තරයේ කියා සිටින තුරු එය එතරම් ප්‍රශ්නයක් වේ යයි විශ්වාස කිරීමට මම මැලිවීමි .ඔවුන් එසේ නොසන්සුන්වීම යුක්තිසහගත යයි ප්‍රතිපල මගින්  මැනවින් පෙන්නුම් කෙරින .මක්නිසාද යත් ලංකාව ඉන්පෙර කිසි දිනෙක සතුරා කිසි දිනෙක කිතු දහමට විරුද්ද මෙලෙස සංවිදානය වීමක් නොවූ බැවිනි.පෙබරවාරි 08 වෙනිදා මෙහි රැස්වූ භික්ෂුන් 50 දෙනාගේ හා ඔවුන්ගේ දෙදහසක් අනුගාමිකයන්ගේ එකම අරමුණ වුයේ බුද්ධාගම ආරක්ෂා කිරීම නොව ක්‍රිස්තියානි ,ආගම බිඳ හෙලීමයි.අපට මේ නිසා නිවැරදි මග පෙන්වීමක් ලබාදෙනලෙස දෙවියන් වහන්සේට යාඥ කිරීමට සිදුවිය.

උපුටා ගැනීම අවසන් 

                                                     පානදුරාවාදයේ  අවස්ථාවක් සිතුවම් කර..

              
             ඉහත උපුටා ගැනීම් වල දැක්වූ john caper විසින් සකස් කර ඉංග්‍රීසි භාෂාවෙන් පලකරන ලද වාර්තාව ඇමෙරිකානු ජාතික මහාචාර්යවරයෙකු වූ j .m pebbles විසින් ඔහුගේ හැඳින්වීමක් ඊට උඩින් ලියා the great debate Buddhism and Christianity ,face to face යනුවෙන් ග්‍රන්ථයක් වශයෙන් බටහිර පල කරන ලදී... පරම විඥාර්තවාදීන්ගේ ශ්‍රී ලංකික  ආගමනයට එම ග්‍රන්ථය විශාල මෙහෙයක් ඉටුකලේය. අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔබ හා මා අදටත් ලංකාවේ බුදු දහම ආරක්ෂා වී තිබීමට මෙම යතිවරයාණන් වහන්සේලාට ණයගැති බවයි...පෙරටත් වඩා  ප්‍රබල ගිහි පැවිදි බලවේගයක් අවශ්‍ය බව පෙනේ  එමෙන්ම මගේ නිරීක්ෂණ අනුව වෙනත් ආකාර වලින්ද වැටහෙනු ලැබූ දෙයක් වන්නේ එකල ලංකාවේ  උගතුන්,බුද්ධිමතුන් හා පඬිවරුන් යනු භික්ෂුන් වහන්සේලා බවයි. එසේනම් සමහරක්  සිවුරු හොරුන් හා පටලවා  ගෙන මුළු භික්ෂු සමාජයටම අපහස කරන්නේ මන්ද ? උන්වහන්සේලා දානය හරිහැටි වලදනවාදැයි සොයන බෞද්ධයෝ කී දෙනෙක් ඇත්ද ? එය ඔබම තීරණය කරන්න. 
                    


* ආශ්‍රිත ග්‍රන්ථ - වික්ටර් අයිවන්ගේ " පන්සලේ විප්ලවය " 

















10 Nov 2012

හලාවත සහ ඩේවිඩ් ගයාන් ඉන්දික





මෙම ලිපිය ලිවීමට අදහස් කලේ යලි නැගී එන සිංහල බෞද්ධ පිබිදීම ඔප්නංවන තරුණ පුර විද්‍යා ගවේශකයෙකු කරන සේවය අගය කිරීමට හා තවත් එවැනිම ,දහසක් දුක් කම්කොටළු මැද සිංහල බොදු උරුමය සොයා යන එවන් නුතන විරුවන් හට උත්තේජනයක් ලබා දීමටයි.. ඔහු නමින් ඩේවිඩ් ගයාන් ඉන්දිකයි..මේ දස දහසක් තෙන්නකෝන් වීමලානන්ද මහතුන් උවමන කරන වෙලාවයි...සහතික උගත් කම ගෙන කබල් ගෑම පමණක් නම් වැඩක් නැත...සොයාග...
ැනීම් කර බොදු උරුමයට සැසඳිය යුතුමයි.මන්ද එය එසේ විය යුත්තේ මෙම සිංහල පොළොවේ පඳුරකට ගැහුවත් මතුවන්නේ බොදු උරුමයන් බැවිනි . ලඟකදී බොදු උරුමයක් මත ඉදිකෙරුණු කුරුස පල්ලියක් ගැන ගවේෂණය කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහි බෞද්ධ නටඹුන් සොයාගන්න ලදී ..නමුත් දී ඇති තීන්දුව ඔබ දන්නවද ? එනම්" මෙය පුරාවිද්‍යාත්මක භූමියක් බවත් නමුත් මෙහි පල්ලිය ඉදිකිරීම සිදු කල යුතු බවත්ය." මෙවන් අමන නිලදාරීන් සිටින රටක් මේ ලොව කිසිම රටක නැත...මෙය මට පැවසු ගයාන් මහතාට තුති.

ඉතිහාසයෙනුත් "බෞද්ධ " ඉතිහාසය හදාරා නිර්භයව පොත් පත් පල කල පුද්ගලයන් මෑත කාලයේ විරල වන අතර එම නිසාම සෙස්සන් තම අභිමතයට ස්වකීය මතවාද ඉතිහාසයට පැටවූ බව ඔබ දන්නා බව සිතමි..මුස්ලිමුන් පවා අනවර් මනතුංග වන්නන් හට පඬුරු දී බොරු ඉතිහාස ලියනයුගය මෙය වේ. දෙමල රචකයන් වන ආනන්ද කුමාරස්වාමි,ලෝනා දේවරාජා හා පෙළක් උද්දච්ච ඉතිහාසඥයන් විසින් ලංකාවේ ඉතිහාසය තම ජාතියට ආගමට හා සුද්දන්ගේ අවශ්‍යතාවයට අනුව ලියන ලදී ..අප විසින් නව ගවේෂණ හා මද්යස්ත භාවයෙන් යුත් " සිංහල බෞද්ධ " උරුමයන් ගවේෂණය කර පොත පත ලිවීමට මැලිකමක් දැක්වීමයි...එනිසා අන්‍යන් එයින් ප්‍රයෝජන ගන්නා ලදී.නමුත් තෙන්නකෝන් විමලානන්ද මහතා වැනි විරුවන්( පොතේ උගතුන් පමණක් නොවූ ) සිටිය බවද මතක් කල යුතුය.



ඩේවිඩ් ගයාන් ඉන්දික මහතා සිය වසර 10ක නොපසුබස්න වීර්යයෙන් බැඳී ගවේෂණ මගින් බොදු උරුමය සොයා මානව ඔප්පු කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත...හලාවත හා මුහුදු තීරයේ පවතී බෝධු පසුබිම ඒ මහතා අද්‍යයනයට ලක් කොට ඇත. එය නමින් " හලාවත බොදු උරුමය " නම් වේ.


********දිවයින පුවත්පත ඔහුගේ කෘතිය මෙසේ විස්තර කරයි .. " හලාවත බෞද්ධ ඉතිහාසය ගැන ලියවුනු එකම ග්‍රන්ථය මෙය වේ..ප්‍රාග් අයිතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා වසර 2500කට අදික හලාවත නගරයේ මෙන්ම ප්‍රදේශයේ ඉතිහාසය මෙයට අන්තර්ගතය.පුත්තලම දිස්ත්‍රික්කයේ අයිතිහාසික ස්ථාන, පුරාවිද්‍යා දත්ත ,හලාවත ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන ,පැරණි සහ නව ජනගහන වාර්තා ,පැරණි දින සටහන් ඇතුලත් ග්‍රන්ථයකි . හලාවත නගරයේ බෞද්ධ ඉතිහාසය මෙන්ම අනෙකුත් ඉතිහාස කරුණු විශාල සන්ක්යාවක් අඩංගු එකම කෘතිය මෙය වේ. " උපුටා ගැනීම අවසානයි .*********

ම විසින් මෙකරනුයේ ඔහුගේ පොත ගැන හරි වැරදි බල විවේචනයක් කිරීම නොව ඊට ප්‍රචාරයක් ලබා දීම පමණි.ඒ මගේම බලවත් කැමැත්තෙනි .දහසක් දුක් කම් කොටලු මැද මෙම මහගු ග්‍රන්ථය ලියු ගයාන් ඉන්දික මහතා හට අපගේ ප්‍රණාමය හිම්විය යුතු අතර එම ග්‍රන්ථය ගැන කියව විවේචනද ඉදිරිපත් කර ඒ මහතා දිරි ගැන්විය යුතුය.මන්ද එවිට අප නැවත පන දෙනු ලබන්නේ ගයන් ඉන්දික මහතාගේ ග්‍රන්ථයට පමණක් නොව ලංකාවේ බෞද්ධ උරුමය සොයා යාමට හැකි තව තවත් අය සඳහා ඉඟියක් ද ලබාදීමය. මන්ද යත් එම ග්‍රන්ථ අනාගතයේ ඉතිහාසය හදාරන්නන් හා සෙසු අයවලුන් හට අතිශය තීරණාත්මක වීමය ඇතැම් ආගමිකයන් නැති ඉතිහාස මව පල්ලි මෙන්ම පොත් පත්ද හතු පිපෙන්නාක් මෙන් ලියන්නේ තම ආගමෙන් ලැබෙන මුදල් බලය හා ප්‍රචාරක බලයද උපරිම ලෙස යොදාගනිමිනි .එවැන්නන්ට ඩේවිඩ්ගේ කෘතිය කනේ පහරක් වනු ඇත.. නමුත් අවාසනාවට කරුණ වන්නේ ගයාන් වන නිර්භය ගවේෂකයන් හට ඔහුගේ කෘතියට පෙරවදනක් ලිවීමට පවා ඇතැම් වදගතුන් විසින් කර ඇරීමයි .අන්‍යාගමික තර්ජන ගර්ජනද කතෝලික මුලස්ථානයක් ඉදිරියේ සිටින ඔහුට ...නැතුවා නොවේ . එමෙන්ම ඔහුට මෙම සත්කාර්යය තනිවම සාර්ථක කරගැනීමට සිදුවිය .මෙම තත්වය ඉතා දුක්බර මෙන්ම අපේ බෞද්ධ උරුමය සොයා යන්නවුන් හැල්ලුවට ලක් කිරීමක් යනුවෙන් සිතේ..අප එසේ වන්නේ මන්ද ?



අවසන් වශයෙන් කිව හැක්කේ අප විසින් මෙම බෞද්ධ ගවේශකයා දිරිමත් කල යුතු බවයි .ඔහුගේ කෘතිය කියවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙමි.ඔබද ඔහුගේ කෘතිය කියවා ඉන් පන්නරය ගෙන යලි පිබිදෙමින් පවතින බෞද්ධ බලවේගය වෙනුවෙන් නව " බෞද්ධ සාහිත්යයක් " ගොඩනැගීමටද අදිටන් කරගනු මැන යයි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි හැකිතාක්  දැනුවත් කිරීම අපට ඩේවිඩ් ගයන් ඉන්දික තරුණ ගවේශකයා වෙනුවෙන් කල හැකි උපහාරයකි .බුදු සරණයි

               

ආයුබෝවන්

මගේ ලිපි ,මට හිතෙන දේවල් ,මම දකින දේවල් ඔයාලට මෙතනින් ඉස්සරහට බලන්න පුළුවන්.