ශ්‍රී ලංකාවේ හික්ෂුන් වහන්සේ යනු බුදු දහම රැකගැනීමෙහිලා මෙන්ම සිංහල ජනවර්ගය හා ඔවුන් බැඳී බෞද්ධ සංස්කෘතිය හැඩගැස්වීමෙහිලා ප්‍රධානම සාධකය බව බොහෝ සාමාන්‍ය සිංහල ජනතාව මෙන්ම විදේශිකයන්ද පිළිගන්නා සත්‍යයයකි . නමුත් සමහර කාණ්ඩ වලට හා නව සමාජ ශෝදකයන් විසින් උන්වහන්සේලා සිංහල ජනතාවගෙන් වෙන් කරවා හෑල්ලු කිරීමට මාන බලන බව අද ප්‍රසිද්ද රහසකි...සිවුරු හොරු එක නිදසුනකි.සිංහල බෞද්ධ ජනයා අන්ත අසරණව සිටි කාලය එනම් ඉංග්‍රීසි පාලන කාලයේදී ක්‍රිස්තියානි ආගම රටේ ප්‍රදාන ආගම බවට පත්කර තිබිණි. එවන් කලෙක වාදිසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ප්රමුඛ සිංහල භික්ෂුන් වහන්සේලා විසින් දියත් කරන ලද " නවජීවන ව්‍යාපාරය " එක්තරා දීප්තිමත් කලපරිච්චේදයක් විය. බෞද්ධයාට. පානදුරය නම් මා උපන් නගරයේ සිදුවූ පානදුරාවාදය සිංහල බෞද්ධයාට සිය කැඩුණු කොඳු නාරටිය කෙලින් කර ගැනීමට ඉවහල් වූ දිව්‍ය ඖශධයක් වැනිය.
පානදුරේ රන්කොත් විහාරය
සිංහල බෞද්ධයාට ඇති සුවිශේෂී වූ මෙම වාදයට ආසන්නතම හේතුව වුයේ පානදුරේ මෙතෝදිස්ත පල්ලියේ දේවගැති තැන දාවිද් ද සිල්වා විසින් බුදු දහම හා එහි ඉගැන්වීම් විවේචනයට ලක් කරමින් කල දේශනයකි. මෙම කතාවට ප්‍රති පිළිතුරු වශයෙන් ඊට යාබද රන්කොත් විහාරයේ නායක ස්වාමින් වහන්සේ විසින් තවත් දේශනාවක් කර තිබේ...නැවතත් දාවිද් ද සිල්වා විසින් අප ස්වාමින්වහන්සේගේ කතාවට ප්‍රති දේශනයක් කරන ලදී. රන්කොත් විහාර වාසි ස්වාමින්වහන්සේගේ හා මිගෙට්ටුවත්තේ ගුනනද හිමිපාණන්ගේ හඳුනුම්කමක් තිබී ඇත.... එනිසා පානදුරා වාදයට මෙයින් ඉඩ ප්‍රස්තා සැලසුණු බව සඳහන්ය. මින්පසු ලේඛක වාර්තා ගෙනහැර දක්වමි.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්
උපුටා ගැනීම අංක 1
1873 අගෝස්තු 26 දින ලක්රිවිකිරණ පුවත්පත ...
" පහුවුණු අඟහරුවාදා පානදුරේදී බුද්ධාගම්කාරයන් සමග රෙපරමාදු කාරයන් අතරේ කෙරුණු ආගම්වාදය ඉතා අලංකාරව තිබුනේය .වාද කිරීමට පටන් ගැනීමට නියම කර තිබු වෙලාව උදේ අටටය .ඊට බොහෝ වෙලාසන සිටන් හැතැප්ම දහතුනේ කනුව ඉදිරිපිට තිබෙන පාර දිගේ දහස් ගණන් සෙනග විත් වාද භූමියට එක්රැස් වුයේය.පස්දුන්කෝරලේ ,රයිගම්කෝරලේ සහ හල්පිටකෝරලේ සෙනගද බුද්ධාගමේ අතිදක්ෂ වාදකරයෙක් කියන මිගෙට්ටුවත්තේ උන්නාන්සේ වෙනුවට තමන්ගේ ජීවිතය පවා දීමට කැමතිව පට සරොම් ඇඳගෙන කොළඹින් ගිය සිංහල ඉලන්දාරි ස්වල්පයක්ද සිටියේය.
රෙපරමාදු පක්ෂයත් තරමක් බලවත්ව තිබුනේය.බප්ටිසිට් වැස්ලියන් ,මිශ්නොයරිස් යනාදී සෑම සභා වලටම අයත් නොයෙක් පළාත්වල සිටින පාදිලිවරු සහ කතීසේරුවන් සඳුදා රැස්වන්නට පටන් ගත්තේය .මෙම තැනැත්තන් අතරෙන් පූර්වදිග භාෂා වලට සමර්තයෙක් තමන්ට තිබුණු වැඩ පළත් අතහැර දමා මෙම වාදයට පන්ගුකරයෙකු වී රෙපරමාදු පක්ෂයේ කතාකාරයෙක් වන දාවිද් ද සිල්වා පාදිලි උන්නාන්සේට උදව් වෙනු පිණිස අනුරාධපුරයෙන් ඇවිත් සිටියේය .
මෙම වාදය පිණිස ආදී ස්වල්පයක් උසට ආසන දෙකක් ඇතිව අතු සේවිලි කරන ලද කදිම බංගලාවක් සාදා තිබුනේය .එයින් ආසනේක දාවිඩ් ද සිල්වා පාදිලි උන්නාන්සේ සහ නාමයෙන් ප්රසිද්දව සිටින මිගෙට්ටුවත්තේ ගුණානන්ද උන්නාන්සේ සහ තවත් මහනුන් වහන්සේලා දෙසීයක්ද සිටියෝය.මෙම බංගලාව බොහෝ අලංකාර ලෙස සරසා තිබුනේය.මේස පිට සුදු රෙදි දමා උඩු වියන් බැඳ නීලවර්ණ සාටක වලින් සැරසිලි කර තිබුනේය.
බුද්දාගම් පක්ෂය සිටින කොට්ටාශය ඊටත් වඩා අලංකාර පාටකට තිබුනේය.මේස වලට දමන ඩමස්කස් කියන රෙදි වර්ගය මේස වලට දමා ප්රන්සකාරයන්ගේ පාට තුනේ කොඩියේ අන්දම මහත් වී යන ප්‍රකාර උඩු වියනක්ද නොයෙක් පාට වලින් විසිතුරු කරන ලද මල්මාලවලින්ද ඒ ඇර උන්නාන්සේලාගේ පට සිවුරු වලින්ද අලංකාර කොට තිබුනේය."
උපුටා ගැනීම අවසන්
*මෙහි දාවිඩ් ද සිල්වා පාදිලි තැනට උදව් කිරීමට අනුරාධපුරයෙන් ඇවිත් ඇත්තේ එච්.සී.පී. බෙල් බව වික්ටර් අයිවන්ගේ මතයයි.
පානදුර මෙතොදිස්ත පල්ලිය
උපුටා ගැනීම අංක 02
times of ceylon පුවත්පතේ කතෘ john capper විසින් පානදුරාවාදය පිළිබඳව විමර්ශනාත්මකව ලියන ලද වාර්තාවේ කොටසක්
"ක්‍රිස්තියානි පුජකවරුන් කරුණු ඉදිරිපත් කල ආකාරය ඉතාමත් දුර්වලය .ඔවුන් මහජනයාට තේරුම් ගැනීමට අපහසු පුහු තර්ක ඉදිරපත් කරමින් පාලි පාඨ උපුටා දක්වන විට ගුණානන්ද හිමියන් මහජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස සරල සිංහලෙන් කතා කළේය.ගුණානන්ද හිමි ප්රෙතෙස්තන්තවාදයේ සියලු දුබල තැන අතුරින් අල්ලාගත්තේ මහජනයාගේ සමච්චලය අවුස්සන හා උපහාසාත්මක පිලිකුලෙන් යුතුව සිනහ පහල කරන තැන් පමණය.තර්ක සාරාංශ කරමින් කරන ලද කතාවේ අවසන් අවසන් කොටසට මහජනතාව අවදානයෙන් යුතුව සවන් දුන්නේය.කතාව අවසන් කිරීමෙන් විනාඩි ගණනකට පසුත් උන්න්නන්සේගේ කතාවේ ගැඹුරු ස්වරය ඔවුන්ගේ කන් තුල රැව් දුන්නේය. විවාදය අවසානයේ රැස්ව සිටි දහස් ගණන් ජනයා සාදුකාර දුන් බවද සන්සුන් වන ලෙසට ගුණානන්ද හිමියන් ආයාචනා කරන තෙක් කුල්මත් වී හඬ නගන බෞද්ධ ජනයා පාලනය කිරීමට දුෂ්කර විය."
උපුටා ගැනීම අවසන්
උපුටා ගැනීම අංක 03
1865 පෙබරවරි 8 දින ඇතිවූ බද්දේගම වාදයේදී ක්‍රිස්තියානි පක්ෂයේ george parson දේවගැතිවරයා කර තිබෙන විස්තරයක උපුටා ගැනීමක්ද පල කිරීමට කැමැත්තෙමි
දරුණු තරඟයක් සඳහා සුදානම් වන ලෙස අපේ ජනය මට තරයේ කියා සිටින තුරු එය එතරම් ප්‍රශ්නයක් වේ යයි විශ්වාස කිරීමට මම මැලිවීමි .ඔවුන් එසේ නොසන්සුන්වීම යුක්තිසහගත යයි ප්‍රතිපල මගින් මැනවින් පෙන්නුම් කෙරින .මක්නිසාද යත් ලංකාව ඉන්පෙර කිසි දිනෙක සතුරා කිසි දිනෙක කිතු දහමට විරුද්ද මෙලෙස සංවිදානය වීමක් නොවූ බැවිනි.පෙබරවාරි 08 වෙනිදා මෙහි රැස්වූ භික්ෂුන් 50 දෙනාගේ හා ඔවුන්ගේ දෙදහසක් අනුගාමිකයන්ගේ එකම අරමුණ වුයේ බුද්ධාගම ආරක්ෂා කිරීම නොව ක්‍රිස්තියානි ,ආගම බිඳ හෙලීමයි.අපට මේ නිසා නිවැරදි මග පෙන්වීමක් ලබාදෙනලෙස දෙවියන් වහන්සේට යාඥ කිරීමට සිදුවිය.
උපුටා ගැනීම අවසන්
පානදුරාවාදයේ අවස්ථාවක් සිතුවම් කර..
ඉහත උපුටා ගැනීම් වල දැක්වූ john caper විසින් සකස් කර ඉංග්‍රීසි භාෂාවෙන් පලකරන ලද වාර්තාව ඇමෙරිකානු ජාතික මහාචාර්යවරයෙකු වූ j .m pebbles විසින් ඔහුගේ හැඳින්වීමක් ඊට උඩින් ලියා the great debate Buddhism and Christianity ,face to face යනුවෙන් ග්රන්ථයක් වශයෙන් බටහිර පල කරන ලදී... පරම විඥාර්තවාදීන්ගේ ශ්‍රී ලංකික ආගමනයට එම ග්‍රන්ථය විශාල මෙහෙයක් ඉටුකලේය. අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔබ හා මා අදටත් ලංකාවේ බුදු දහම ආරක්ෂා වී තිබීමට මෙම යතිවරයාණන් වහන්සේලාට ණයගැති බවයි...පෙරටත් වඩා ප්‍රබල ගිහි පැවිදි බලවේගයක් අවශ්‍ය බව පෙනේ එමෙන්ම මගේ නිරීක්ෂණ අනුව වෙනත් ආකාර වලින්ද වැටහෙනු ලැබූ දෙයක් වන්නේ එකල ලංකාවේ උගතුන්,බුද්ධිමතුන් හා පඬිවරුන් යනු භික්ෂුන් වහන්සේලා බවයි. එසේනම් සමහරක් සිවුරු හොරුන් හා පටලවා ගෙන මුළු භික්ෂු සමාජයටම අපහස කරන්නේ මන්ද ? උන්වහන්සේලා දානය හරිහැටි වලදනවාදැයි සොයන බෞද්ධයෝ කී දෙනෙක් ඇත්ද ? එය ඔබම තීරණය කරන්න.
* ආශ්රිත ග්රන්ථ - වික්ටර් අයිවන්ගේ " පන්සලේ විප්ලවය "


.jpg)
